Air Cooling System සහ Liquid cooling System ගැන හැමදෙයක්ම

අපේ පරිගණකයේ උෂ්ණත්වය අඩු කරන්න පාවිච්චි කරන ප්‍රදාන ක්‍රම දෙකක් තියනවා එකක් Air Cooling නොහොත් සුලන් මගින් සිසිල් කිරීම අනික තමා Liquid Cooling නොහොත් ද්‍රව වර්ගයක් මගින් සිසිල් කිරීම
ඉස්සර මේ Liquid Cooling ක්‍රමයෙන් සිසිල් කරන්න පුළුවන් උනේ අපේ Processor එක විතරයි නමුත් අද වෙනකොට Processor එක Graphic Card එක Ram සහ Motherboard Chipset කියන මේ ඔක්කොම දේවල් වලට මේ liquid cooling නැත්තම් ද්‍රව මාද්‍ය සිසිලන පද්දති සවිකරන්න පුළුවන්
මේ ද්‍රව මාද්‍ය සිසිලන පද්දති දෙයාකාරයකට අපිට දකින්න පුළුවන්
එකක් තමා මෝටරය රේඩියෙටරය සහ බ්ලොක් එක ( මේ බ්ලොක් එක කියන්නේ අපිට සිසිල් කරන්න අවශ්‍ය කොටසට ස්පර්ශ වෙන විදියට සවිකරන තාප සන්නායක කොටසට මේ බ්ලොක් එකේ එක පැත්තකින් සිසිල් ද්‍රවය ඇතුල් වෙලා අනිත් පැත්තෙන් රත් වූ ද්‍රවය පිට වෙනවා ) කියන මේ ඔක්කොම එකම පද්දතියක් විදියට එන All In One liquid cooler මේකටම තමා Closed Loop කියලත් කියන්නේ,  මේ විදිහේ liquid cooler පාවිච්චි කරනවානම් අපිට processor එකට සහ Graphic Card එකට වෙන වෙනම cooler දෙකක් සවි කරන්න ඕන
අනිත් ආකාරය තමා Custom Loop නැත්තම් Open Loop කියන විදිහ , මේකෙදි අපි එක මෝටරයක් එක රේඩියේටරයක් (අවශ්‍යතාව අනුව රේඩියේටර් දෙකක් උනත් යොදාගන්න පුළුවන්)  යොදාගෙන පරිගණකයේ සියලුම කොටස් එක සිසිලන පද්දතියකින් සිසිල් කරන එක , මෙතැනදී Processor එකට Graphic Card එකට Ram වලට සහ Motherboard එකට වෙන වෙනම liquid බ්ලොක්ස් සවිකරලා ඒ බ්ලොක් ඔක්කොම බට මගින් එකට සම්බන්ධ කරනවා පසුව එම සම්පුර්ණ පද්ධතියම ද්‍රව රැස් කරන ටැංකියකට සම්බන්ධ කරනවා ඒ ටැංකිය පතුලේ තමා මෝටරය තියෙන්නේ ඒ මෝටරය බටයකින් රේඩියේටර් එකට සම්බන්ධ කරනවා රේඩියෙටරේ අනිත් කොන නැවත අපේ liquid block සහිත සිසිලන පද්ධතියට සවි වෙනවා
Liquid Cooling වලදී බහුලව පාවිච්චි කරන්නේ වතුර ,
Air Cooling නැත්තම් සුලන් මගින් සිසිල් කරන ක්‍රමය තමා පැරණිම සිසිලන ක්‍රමය මේ ක්‍රමයේදී තාප සන්නායකයක් සහ fan යොදාගෙන තමා සිසිල් කිරීම කරන්නේ සාමාන්‍ය එදිනෙදා පාවිච්චි වෙන පරිගනකයක අපිට දකින්න ලැබෙන්නේ මේ Air Cooling System තමා
මෙතැනදී Graphic Card වලට එන Air Cooling System වර්ග දෙකක් දකින්න පුළුවන් එකක් තමා Blower ක්‍රමය ගොඩක්ම Reference Graphic Card වල දකින්න ලැබෙන්නේ මේ Blower Air Cooling System තමා (Reference Graphic Card ගැන දැනගන්න ඕනනම් ඒ ගැන ලිපියක් ඇති කියවල බලන්න ) මෙතැනදී වෙන්නේ පරිගණකයේ කේසින් එක ඇතුලෙ තියන වාතය ෆෑන් එකක් මගින් ඇදල අරගෙන ඒ සුලන් මගින් කාඩ් එකේ තාප සන්නායකය (හීට් සින්ක් එක ) සිසිල් කරලා උණුසුම් වාතය කාඩ් එක පිටුපසින් කේසින් එකෙන් එලියට තල්ලු කරල දාන එක, අනිත් Air Cooling System එක තමා Open Air කියන එක, මෙතනදී කේසින් එක ඇතුලේ වාතය ෆෑන් මගින් ඇදල අරන් ඒ සුලන් මගින් කාඩ් එක සිසිල් කරලා උණුසුම් වාතය කේසින් එක ඇතුලටම නිදහස් කරනවා,
Processor එක සුලන් මගින් සිසිල් කරන්නෙත් මේ Open Air කියන ක්‍රමයටම තමා , ඉතින් අපේ පරිගණකයේ තියෙන්නේ Air Cooling System එකක් නම් එතකොට අපේ කේසින් එක ඇතුලේ ගොඩක් හොඳ වායු සංසරණයක් නැත්තම් Air Flow එකක් තියෙන්න ඕන
ඒ දේ කරන්න නම් කේසින් එකට හරි විදියට ෆෑන් කිහිපයක් සවිකරන්න ඕන
කේසින් එකට ෆෑන් සවි කරන ක්‍රම තුනක් තියනවා මම මීළඟ පෝස්ට් එකෙන් ඒ ගැන කතා කරන්නම්
හරි දැන් කියන්න දෙයක් තියනවා ඒ තමා සමහරු හිතන් ඉන්නවා Air Cooling System වලට වඩා Liquid Cooling System වලින් අපේ පරිගණකය වැඩියෙන් සිසිල් කරනවා කියල;
ඇත්තටම මේක වැරදි මතයක්, මම මේ කියන්නේ අපි processor එකක් ගන්නකොට ඒ එක්ක හම්බෙන Air Cooling System එක නැත්තම් Stock Air Cooling System එක ගැන නෙමේ, නමුත් Cooler master  වගේ company වලින් මේ වෙනකොට ඉතාම උසස් මට්ටමේ Air Cooling System හදල තියනවා මේවත් කාර්යක්ෂම තාවය අතින් ගත්තම Liquid System මට්ටමේම සහ ඇතැම් වෙලාවට ඊටත් වඩා ඉහලින් තියනවා, ඒ කියන්නේ දැන් Overclock කරන Processor එකක් උනත් අපිට Air Cooling System එකකින් සිසිල් කරන්න පුළුවන්
අනිත් කාරණාව තමයි මේ එක Cooling System එකකින් වත් පරිසර උෂ්ණත්වයට වඩා අඩුවෙන් සිසිල් කිරීමක් සිද්දවෙන්නේ නෑ (ඇතැම් විශේෂ අවස්ථා වල, Overclock Competition වැනි අවස්ථා වල ද්‍රව නයිට්‍රජන් වැනි මාද්‍ය යොදාගන්නා අවස්ථා හැර )
Air Cooling System වල තියන එක අඩුපාඩුවක් තමයි මේ System ගොඩක් බරින් වැඩියි ඉතින් අපේ PC එකේ motherboard එක තියෙන්නේ සිරස් අතට නිසා processor එකට මේ විශාල තාප සන්නායකයක් තියන Air Cooling System එකක් සවි කරාම එක මොනතරම් බර උනත් Motherboard එකට සවි වෙන්නේ ඇන හතරකින් ඒ වගේම ඒ බර මගින් ඇති කරන ආතතිය නිසා බෝඩ් එක ඇද වෙන්න නැමෙන්න පුපුරන්න උනත් පුළුවන්
ඒ වගේම Liquid System වල තියන ප්‍රධාන අවාසියක් තමා මේ Liquid System එකක මෝටරය නැවතුනොත් , පිච්චුනොත් අපිට ඒක පේන්නේ නැති එක Bios වලින් Warning ඇක්ටිව් කරලා තිබ්බේ නැත්තම් අපිට නොදැනී අපේ processor එක Graphic Card එක පිච්චිලා යන්න උනත් පුළුවන් හැබැයි Air Cooling System වල ෆෑන් නතර උනොත් අපිට ඒක ඇසට පේනවා
ඉතින් මේ වගේ මේ දෙකේම හොඳ සහ නරක කියන දෙකම තියනවා Air Cooling System වලට සාපේක්ෂව Liquid System ලස්සනයි PC එකට පොර ලුක් එකක් ගන්න පුළුවන්
හැබැයි කොහෙන් හරි ලීක් එකක් උනොත් .... එහෙම දෙයක් උනොත් වෙන විනාසේ අමුතුවෙන් කියන්න ඕන නෑ නේ .....
ඒක නිසා මේ දෙකෙන් තමන්ගේ PC එකට පාවිච්චි කරන්න හොඳ මොකද්ද කියන දේ වෙන කෙනෙකුට තීරණය කරන්න බෑ, තමන්ගේ රුචිකත්වයට හිතට හරියන දේ තමන්ටම තමා තීරණය කරන්න පුළුවන් අපිට පුළුවන් ඒ දේවල් වල හොඳ වගේම නරක පෙන්නල දෙන්න විතරයි 
  

Comments

Popular posts from this blog

Graphic Card ඕවර් ක්ලොක් (overclock ) කරනහැටි

Bottleneck ගැන සරලව