Bottleneck ගැන සරලව
🔴මේක සරල විදිහට පෙනුනට අර්ථදක්වන්න ගිහාම පැති කිහිපයක් තියනවා
සරලව කිව්වොත් Unbalance pc එකක් නිසා තමයි bottleneck හැදෙන්නේ .... bottleneck කියන වචනය සිංහලෙන් ගත්තොත් " බෝතල් කට / කර " කියන එක නේ ! ... කඩේ තියන වතුර බෝතලයක් අරන් මුඩිය ඇරලා බෝතලේ අනිත් පැත්ත හැරෙව්වොත් අපිට යම් කාලයක් බලන් ඉන්න වෙනවා ඇතුලේ තියන වතුර එලියට ඇවිත් ඉවර වෙනකල් .. මොකද බෝතලේ ප්රමාණයට සාපේක්ෂව බෝතලේ කට පොඩි නිසා ... නමුත් ජෑම් බෝතලයක් වගේ බෝතලේ ප්රමාණයටම බෝතලේ කටත් තියනවනම් .... එහෙනම් බෝතලේ අනිත් පැත්ත හරවපු ගමන් ෂණිකව වතුර ටික එලියට වැටෙනවා කිසි පරක්කුවක් නැතුව ... ඔන්න ඕකම තමා bottleneck තියන pc එකක සහ bottleneck අඩු pc එකක වෙනස
පලවෙනි වෙනි කාරණේ තමයි pc එකක 100%ක් bottleneck නැති කරන්න බෑ .. මේක කියවද්දී තේරෙයි ඇයි ඒ කියල

PC එකේ තියන එක කොටසක් හෝ කොටස් කිහිපයක් නිසා PC එකේ අනිත් කොටස් වලට එහි සම්පුර්ණ කාර්යක්ෂම තාවයෙන් වැඩකරන්න නොහැකි වීම නිසා සම්පුර්ණ PC එකම අඩු කාර්යක්ෂම තාවකින් වැඩකරන එක තමා bottleneck එකක් විදිහට හදුන්වන්නේ ... හරියට මුලින් කියපු වතුරබෝතලේ කට පොඩි නිසා බෝතලේ ලොකු උනත් වතුර එලියට එන්න වැඩිවෙලාවක් යනවා වගේ , ඒ එක අර්ථ දැක්වීමක් .. අනිත් එක තමයි මුළු PC එකම නිසා මොකක්හරි එක කොටසකින් අපිට උපරිම ප්රයෝජනය ගන්න නොහැකි වීම ..
කියවගෙන යන්නකෝ එතකොට තේරෙයි
Core2 Quad Q6600 2.66GHz
DDR3 8GB ram
G41 Motherboard
500W PSU
GTX 960 gpu
G41 Motherboard
500W PSU
GTX 960 gpu
උඩ තියන System එකේ තියන Bottleneck මොනවද ?
අදුරගන්න පුලුවන්ද? එතන bottleneck කිහිපයක් තියනවා එකක් තමයි Processor එක සහ GTX 960 කාඩ් එක අතර
අනික G 41 Motherboard එක සහ GTX 960 GPU එක අතර තියන bottleneck එක ...

GTX 960 කාඩ් එකේ Graphic chip එක ක්‍රියාකරන වේගයට සාපේක්ෂව System Processor එක ක්‍රියා කරන වේගය ප්‍රමාණවත් වෙන්නේ නෑ මේ bottleneck එක ප්‍රධානව බලපාන්නේ Multi Player සහ cpu intensive games වලට, "cpu intensive" කියන්නේ සමහර Games තියනවා ඒ ගේම් වලට Graphic card එකට අමතරව System Processor එකත් ප්‍රධානව බලපානවා ඉතින් මේ GTX 960 කාඩ් එක එහෙම ගේම් play කරන්න ප්‍රමාණවත් උනත් Core2 Quad Q6600 2.66GHz ප්‍රොසෙසර් එකට ඒ විදිහේ ගේම් දරාගන්න අමාරුයි ඒ හේතුවෙන් එහෙම ගේම් ගහනකොට ලොකු FPS Drop වීමක් වෙනවා (මේ FPS ගැන පොඩි හැඳින්වීමක් මගේ SSD ගැන ලිපියේ තියනවා ඒ ගැන දැනගන්න ඕන අය SSD ලිපිය කියවල බලන්න ) cpu intensive games වලට උදාහරණ තමා GTA V , Battlefield V , Crysis 3 , Shadow of Tomb raider වගේ ගේම්
අනිත් හේතුව තමයි G 41 Board එකේ තියෙන්නේ PCI Express 1.1 කියන ස්ලොට් එක , ඒත් 960 GPU එක PCI Express 3.0 වලට තමයි හදල තියෙනේ මේ නිසා මේ GTX 960 card එක මේ Motherboard එකේ වැඩකරත් performance අඩුවීමක් වෙනවා
ඉතින් මෙතන තියන අසමතුලිත බව නැතිකරන්නනම් එක්කෝ මේ 960 graphic card එක වෙනුවට GTX 750ti එකක් දාන්න පුළුවන් ,, නැතිනම් motherboard එක මාරුකරන්න වෙනවා ... Motherboard එක මාරුකරන්න ගියොත් motherboard එකත් එක්කම processor එකත් මාරුකරන්න වෙනවා මොකද Core2 Quad කියන්නේ LGA 775 සොකට් එක තියන ප්රොසෙසර් එකක් ... ඉතින් අලුත් PCI E 3.0 තියන board එකක් ගත්තොත් ඒ බෝඩ් එකේ ප්රොසෙසර් සොකට් එක වෙනස් මොකද PCI Express 3.0 තියන LGA 775 මදර්බෝඩ් නිර්මාණය උනේ නෑ (Processor Socket ගැන ලිපියක් මම ඉක්මනින්ම අරන් එන්නම්).. ඉතින් උඩ තියන PC එකේ අසමතුලිත තාවය නැතිකරන්න තියන ලාබදායිම පහසුම විදිහ තමයි Graphic Card එක මාරු කරන එක ..
අපේ අය ගොඩක්ම මේ Bottleneck හදාගන්නේ PC upgrade කරන්න යද්දී .. මෙහෙම හිතන්නකෝ ගොඩක් අය ලොකු කැමැත්තක් තියනවා Graphic Card එකක් ගද්දි capacity එක නැත්තම් ගිගාබයිට් ගැන වැඩි එකක් ගන්න .. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ
Radeon RX 480 4GB
Radeon RX 480 8GB
මේ කාඩ් දෙකෙන් ගොඩක් අය ගන්න කැමතියි 8GB එක ... එත් කවදාවත් ගොඩක් අය නොහිතන දෙයක් තමයි මේ 8GB කියන VRAM එක භාවිතා වෙන විදිහේ වීඩියෝ ප්රොසෙස් එකක් තමන්ගේ PC එකේ සිද්දවෙනවද කියන දේ ...උදාහරණයකට Intel Pentium G4560 වගේ ... නැත්තම් i3 4th gen වගේ PC එකකට 8GB වගේ ලොකු VRAM එකක් තියන Graphic Card එකක් වැඩක් නෑ.... මොකද ඒ තරම් ලොකු ග්රැෆික් එකක් ප්‍රොසෙස් කරන්න තරම් PC එක ප්රමාණවත් නෑ ... ඉතින් අන්න ඒවගේ වෙලවටත් එතන හැදෙන්නේ bottleneck එකක් තමයි වෙනස තියෙන්නේ අපිට ඒක පෙනෙන්නේ නෑ .. එත් වෙලාතියෙන්නේ මුළු PC එකම නිසා Graphic Card එකට උපරිම කාර්යක්‍ෂම තාවයෙන් ක්‍රියාත්මක වෙන්න තියන අවකාශය පටු වෙලා .... මෙතන මම උදාහරණයක් විදියට පෙන්නපු Bottleneck වලට අමතරව PSU , RAM වගේ දේවල් නිසාත් Bottleneck නිර්මාණය වෙනවා
Motherboard එකේ උපරිම Bus Speed එකට වඩා වැඩි Bus තියන Ram පරිච්චි කරන එක , Bus Speed වෙනස් ram එකට පාවිච්චි කරන එක , Dual Channel සපෝට් කරන බෝඩ් වලට වෙනස් Capacity , වෙනස් Bus වල ram පාවිච්චි කරන එක,, මේ වගේ දේවල් නිසා නිසා Bottleneck හැදෙනවා
1000W , 800W වගේ ලොකු Watt අගයක් තියන PSU එකක් 400watt වගේ විදුලි පරිබෝජනයක් තියන System එකකට යොදන එකත් PSU එක bottleneck වීමක් වෙනවා
මේ විදියට අපි නොහිතන විදියේ පොඩි පොඩි දේවල් නිසා PC එකේ bottleneck නිර්මාණය වෙනවා
අපේ 60Hz මොනිටර් එකත් ඒ විදියට අපි නොහිතා හදාගන්න එක්තරා bottleneck එකක්
ඒ නිසා PC එකක් අලුතින්ම Assemble කරද්දී හෝ පරණ PC එක Upgrade කරද්දී තමන් කරනදේ ගැන හොද වැටහීමකින් කරන එක තමයි හොද නැත්තම් සිද්දවෙන්නේ නිරපරාදේ මුදල් නස්තිවිමක් විතරයි ... නිතරම අලුතින් දෙයක් ගද්දි ඒක PC එකේ අනිත් උපාංග එක්ක ගැලපෙනවද කියල බලන්න .. PC එකක් නිතරම සමතුලිත මට්ටමේ තියෙන්න ඕනේ ..
මේ මොනදේ කරත් අපිට PC එකක Bottleneck සම්පුර්ණයෙන්ම නැතිකරන්න බැරි වෙන්නේ අපේ storage device නිසා ... අපේ PC එකේ ප්‍රොසෙසර් එක වැඩකරන වේගයට සාපේක්ෂව අපේ RAM ,,SSD ,,HDD වැඩකරන්නේ බොහොම හෙමින් ... ඉතින් අපිට පුළුවන්නේ PC එකක bottleneck පුළුවන්තරම් අඩුකරන්න විතරයි ... අපිට ඒක සම්පුර්ණයෙන් නැතිකරන්නනම් බෑ .....

Comments
Post a Comment