Posts

Showing posts from April, 2019

Solid State Drive ( SSD )

මුලින්ම කියන්නේ ..... මේ ලිපිය ඉලක්ක කරන්නේ මේ ගැන දන්නා අය නෙමෙයි ... SSD ගැන නොදන්නා අයට සරලව අවබෝද කරගැනීම සඳහායි ඒ වගේම තාක්ෂණික පැත්ත කතා කරන්න කලින් මේ පළමු ලිපියෙන් ප්‍රයෝගික භාවිතය ගැන තමා මම කතා කරන්නේ ..... SSD ගැන නැත්තම් solid-state drive ගැන ඕනතරම් ලිපි  පලවෙලා තියනව  .. එත් බහුතරයක් පොස්ට් වල මූලිකත්වය දීල තිබුනේ SSD සහ HDD (Hard Disk Drive) සංසන්දනයට ,,,SSD වේගවත් HDD slow ... ඔව් මේ උපාංග දෙකේම දත්ත හුවමාරු වේගය වෙනස් උනත් ප් ‍ රදාන අරමුණ දත්ත ගබඩා කිරීම වගේ තමයි පෙන්නේ .. ඒ කියන්නේ දන්න සිංහලෙන් Storage Device වගේ තමා මේ දෙකම එත් ඒ හේතුව මත කෙනෙකුට අහන්න බෑ ... SSD එකක් ද හොඳ නැත්තම් HDD එකක්ද හොඳ කියල ,,, මොකද දන්නවද ඒක හරියට .... ලොරියක් සහ බයික් එකක් සංසන්දනය කරන්න හදනවා වගේ වැඩක් , ඒ දෙකම වාහන උනාට මේ දෙකෙන්ම යම් දෙයක් ප් ‍ රවාහනය කරන්න පුළුවන් උනාට වාහනය තෝරාගන්න ඕනේ තමන්ගේ අවශ් ‍ යතාව අනුව ,, දැන් පොඩ්ඩක් හරි අදහසක් එන්න ඇති SSD සහ HDD සංසන්දනය කරලා මේ දෙකෙන් හොඳ මොකද්ද කියල තීරණය කරන එක නෙමෙයි ,, තමන්ගේ අවශ් ‍ යතාවට හරියන්නේ මොකද්ද කියන එකයි තීරණ...

Random Access Memory සසම්භාවී-ප්‍රවේශ මතකය

Image
ඔව් ඔව් ඔව් RAM ගැන තමා මේ කියන්න හදන්නේ ..... RAM කියන එකේ දිග නම මම උඩ කියල තියනා නේ සුද්ද සිංහලෙන් කියන නමත් උඩ තියනවා , හරි .. ram එකක් කියන්නේ මොකද්ද කියල කිව්වොත් එකත් එක්තරා විදිහක මතක ගබඩාවක් ,, ඒ කියන්නේ මෙමරි එකක් ප්‍රාථමික මතක නැත්තම් Primary memories ඝනයට අයත් මතක ගබඩාවක් , මේක පාවිච්චි වෙන්නේ එක සුවිශේෂ ක්‍රියාවකට ,... ඒ තමයි පරිඝනකයේ ක්‍රියාත්මක වෙමින් තියන වැඩසටහන් වලට ඕනේ කරන තොරතුරු අපේ හාඩ් ඩිස්ක් එකෙන් අරගෙන තාවකාලිකව රඳවාගෙන ඉන්න එක ... ඒ මොකද දන්නවද , අපේ ප්‍රොසෙසර් එක බොහොම වේගවත් ඉතින් ඒ වේගෙන් වෙන ප්‍රොසෙස් වලට නැත්තම් සැකසුම් වලට ඕනේ කරන තොරතුරුත් ඉතාම වේගවත්ව ප්‍රොසෙසර් එකට සපයන්න ඕනේ ..ප්‍රොසෙසර් එකේ වේගේත් එක්ක සංසන්දනය කරාම  අපේ හාඩ් ඩිස්ක් එකෙන් තොරතුරු කියවල ඒක ප්‍රොසෙසර් එකට එවන්න ගතවෙන වෙලාව බොහොම වැඩියි , අන්න ඒ ප්‍රශ්නේ විසඳන්න තමා ram එක මැදිහත් වෙන්නේ ... ram එක හාඩ් ඩිස්ක් එකට වඩා ගොඩක්ම වේගවත් .. ඒ නිසා ප්‍රොසෙසර් එකට ඕනේ තොරතුරු පරක්කුවක් නැතුව සපයන්න පුළුවන් , මම මුලින්ම කිව්වනේ මේක තාවකාලික මතකයක් කියල , ඒ මොකද මේ මතකයේ තියන දේව...

AMD Graphic Card එදා සිට මේ දක්වා

ඔන්න මම කලින් ගෙනාපු Graphic Card  post එකේ දෙවෙනි කොටස... කලින් පෝස්ට් එකෙන් මම කිව්වෙ NVIDIA Graphic Card ගැන..  අද මම AMD නැත්තම් ATI .. Graphic Card ගැන කලින් post එකේ වගේම මූලික දේවල්ටික සරල විදිහට කියන්න තමයි හිතුවෙ මූලික දේවල් කිව්වට මම මේකෙන් ඔයාලට AMD  Graphic Card එදා සිට මේ දක්වා ගලාගෙන ආපු විදිය තමා මේකෙදි target කරන්නේ  අනිත් දේ තමයි NVIDIA වගේ නෙමෙයි.. RADEON lineup එක ගොඩක් පැටලිලි සහිතයි... 😨 ##### හරි.. මම පටන්ගද්දිම කිව්ව AMD නැත්තම් ATI කියල... මුලින්ම මේක ලිහාගෙන ඉමු... AMD (Advanced Micro Device) මේක තමා මව් සමාගම.. AMD සමාගමේ නිෂ්පාදනය කරන VGA card වෙලදපලට ඉදිරිපත් කරන්නෙ ATI (Array Technology Inc) කියන වෙනම BRAND NAME එකකින්... ඉතින් කෙටියෙන් කියනවනම් ATI කියන්නෙ AMD ලගෙ VGA වලට දාල තියන brand name එක (සන්නාමය),  පටන් ගද්දිම තව දෙයක් තියනව කියන්න... ඒතමයි .. AMD කට්ටිය එයාලගෙම CPU series එකකුත් develop කරනව.. (AMD මුලින්ම පටන්ගත්තෙ processor වලින්)අපේ මාතෘකාවට අදාල නෑ වගේ පෙනුනත්.. මේ AMD processor වල Integrated gra...

Nvidia Graphic Card මූලික දේවල්

ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියන Graphic Card ගැන පොඩ්ඩක් කතාකරන්න හිතුන... කලින්ම කියන්න ඕනෙ.. මේක හදල තියෙන්නෙ මූලිකම දේවල් ටික තෙරුම් කරල දෙන්න විතරයි. .. මොකද හැමෝම හැමදේමදන්නෙ නෑනෙ ... ලොකු ලොකු දේවල් අපි පස්සෙ කතාකරමු.. මම මේක දිගටම අරන් යනව... එතකල් මේටික ඔලුවට දාගන්නකො... මේකෙ NVIDIA ගැන විතරයි කතාකරන්නෙ  මුලින්ම Graphic Card ප්‍රධාන  වර්ග 2ක් තියනව..  AMD NVIDIA  මේ දෙවර්ගෙම... Graphic Card ප්‍රදාන වර්ග 3ක් තියනව.. ඒ  motherboard එකේ Graphic Card  එක ගහන slot එක අනුව  PCI AGP PCI EXPRESS නමුත් දැන්  PCI සහ  AGP  පාවිච්චි වෙන්නෙ නෑ...  දැන් use වෙන්නෙ PCI EXPRESS  Graphic Cards    NVIDIA Company එකේ Pci express card ගත්තම මේවත් performance අනුව කාන්ඩ කිහිපයකට බෙදෙනව... GS ... GT... GTS... GTX.. කියල (මීට අමතරව ගොඩක් ඉස්සර Geforce 256 , FX වගේ ඒවත් තිබුනා නමුත් ඒ කාඩ් දැන් භාවිතයේ නැති නිසා ඒ ගැන මම කතා කරන්නේ නෑ  ) මේවගෙන් GS .. GT .. card සාමාන්‍ය එදිනෙදා වැඩ වලට පාවිච්චි වෙන...