Solid State Drive ( SSD )
මුලින්ම කියන්නේ ..... මේ ලිපිය ඉලක්ක කරන්නේ මේ ගැන දන්නා අය නෙමෙයි ... SSD ගැන නොදන්නා අයට සරලව අවබෝද කරගැනීම සඳහායි ඒ වගේම තාක්ෂණික පැත්ත කතා කරන්න කලින් මේ පළමු ලිපියෙන් ප්‍රයෝගික භාවිතය ගැන තමා මම කතා කරන්නේ ..... SSD ගැන නැත්තම් solid-state drive ගැන ඕනතරම් ලිපි පලවෙලා තියනව .. එත් බහුතරයක් පොස්ට් වල මූලිකත්වය දීල තිබුනේ SSD සහ HDD (Hard Disk Drive) සංසන්දනයට ,,,SSD වේගවත් HDD slow ... ඔව් මේ උපාංග දෙකේම දත්ත හුවමාරු වේගය වෙනස් උනත් ප්රදාන අරමුණ දත්ත ගබඩා කිරීම වගේ තමයි පෙන්නේ .. ඒ කියන්නේ දන්න සිංහලෙන් Storage Device වගේ තමා මේ දෙකම එත් ඒ හේතුව මත කෙනෙකුට අහන්න බෑ ... SSD එකක් ද හොඳ නැත්තම් HDD එකක්ද හොඳ කියල ,,, මොකද දන්නවද ඒක හරියට .... ලොරියක් සහ බයික් එකක් සංසන්දනය කරන්න හදනවා වගේ වැඩක් ,
ඒ දෙකම වාහන උනාට මේ දෙකෙන්ම යම් දෙයක් ප්රවාහනය කරන්න පුළුවන් උනාට වාහනය තෝරාගන්න ඕනේ තමන්ගේ අවශ්යතාව අනුව ,, දැන් පොඩ්ඩක් හරි අදහසක් එන්න ඇති SSD සහ HDD සංසන්දනය කරලා මේ දෙකෙන් හොඳ මොකද්ද කියල තීරණය කරන එක නෙමෙයි ,, තමන්ගේ අවශ්යතාවට හරියන්නේ මොකද්ද කියන එකයි තීරණය කරන්න ඕනේ, උදාහරණයකට ගන්න unlimited, high speed ඉන්ටනෙට් භාවිතා කරන කෙනෙක්ව .. මේ වගේ පහසුකමක් තියන කෙනෙකුට තමන්ගේ පරිඝනකයේ ලොකු ඉඩක් ඕනේ නෑ දත්ත ගබඩා කරගන්න ... මොකද මේ වෙද්දී ඕනේ තරම් online storage , cloud storage තියනවා තමන්ගේ දත්ත අන්තර්ජාලයේම ගබඩා කරලා තියන්න පුළුවන් විදිහේ ,, ඉතින් මේ වගේ සීමාරහිත අදිවේගී අන්තර්ජාල පහසුකම් තියන කෙනෙක් තමන්ගේ පරිගණකයට HDD එකක් භාවිතා කලයුතු නෑ ... මොකද එයාට පුළුවන් තමන් නිතර භාවිතා කරන ලිපිගොනු ,, සහ අනෙකුත් දේවල් පරිගණකයේ තියාගෙන ඉතුරු දේවල් අන්තර්ජාලයේ ගබඩා කරන්න ...

අපි ඉතිහාසය පොඩ්ඩක් ඇවිස්සුවොත් ඔබ විස්වාස නොකරාවි මුල්ම SSD එක මාකට් එකට එන්නේ මීට අවුරුදු 40කට විතර ඉස්සර 1976 දී Dataram කියන ආයතනය මගින් හඳුන්වාදුන්නු මේ SSD එක Bulk Core කියල තමා නම් කරලා තිබුනේ, අඟල් 19ක් දිග අඟල් 15ක් පළල 256KB RAM Chip සහිත වෙන් වෙන් වූ බෝඩ් 8 ක් සහිත රක්කයක් වගේ මේ SSD එකට අතිදැවැන්ත 2MB capacity එකක් තිබුන,, ඒ කාලේ හැටියට එක ගොඩක් ලොකු ධාරිතාවක් මොකද ඒ කාලේ තිබුණු ධාරිතාව වැඩිම HDD එකත් IBM Winchester 30MB HDD එක ,, ඒ නිසා 2MB කියන්නේ ඒ කාලයේ ලොකු ධාරිතාවක් .. මේ මුල්ම SSD එකේ වේගය මිලිතත්පර 0.75 සිට 2 දක්වා පරාසයක තිබිල තියනවා ( දැන් තියන SSD එකක් සාමාන්යයෙන් මිලිතත්පර 0.06 ක් වේගෙන් වැඩ කරනවා ) මේ මුල්ම 2MB Bulk Core SSD එක ඒ කාලේ ඒ කියන්නේ 1977 දී ඩොලර් 9700$ ක් මිල වෙලා තියනවා ඒ කියන්නේ දැන් මුදලින් නම් ඩොලර් 36,300$ ක් විතර, රුපියල් නම් ලක්ෂ 55 ක් විතර .. ( දැන් 1 TB SSD එකත් 63,700 Rs වගේ ගානක් වෙන්නේ )
ඉතින් ඉතිහාස කතාව ඔහොම වෙද්දී අපි බලමු කොහොමද SSD වැදගත් වෙන්නේ කියල ... අපිට SSD වැදගත් වෙන්නේ අපිට පුළුවන් අපේ PC එකේ bottleneck අඩු කරගෙන සහ PC එක boot වෙන්න නැත්තම් වින්ඩෝස් ලෝඩ් වෙන්න යන වෙලාව අඩු කරගන්න, Game ලෝඩ් වෙන්න යන වෙලාව අඩු කරගන්න වගේම අපේ ගේම් වල FPS පොඩ්ඩක් විතර වැඩි කරගන්න ... ඇත්තටම අපේ PC වල තියන ලොකුම Bottleneck එක තමයි අපේ Storage device එක ... අපේ CPU එකේ තියන ස්පීඩ් එකට සාපේක්ෂව ගත්තම SSD එකක් උනත් ප්රමාණවත් වෙන්නේ නෑ ... මේ දත්ත හුවමාරුවේගය මත ඇතිවෙන bottleneck එක Cache memory මගින් යම් දුරකට සමනය උනත් සම්පුර්ණයෙන්ම විසදෙන්නේ නෑ ... මම හිතනවා bottleneck ගැන සහ cache memory ගැන කට්ටිය දන්නවා ඇති කියල ... නොදන්නා අය ඉන්නවනම් මම බෝටල් නෙක් ගැන ලිපියක් ඉක්මනින්ම දාන්නම්
හරි දැන් අපි කොහොමද SSD එකක් පාවිච්චි කරාම අපේ ගේම් වල FPS වැඩි වෙන්නේ නොදන්නා අයට පොඩ්ඩක් FPS ගැන කියන්නම්කො FPS කියන්නේ තත්පරෙකට චලනය වෙන ෆ්රේම් ගණන, මතකද පොඩි කාලේ ලොකු පොතක පිටු වෙන් පිටුව පිටු අග්ගිස්සේ රූප ඇඳලා වේගෙන් ඒ පිටු පෙරලද්දී රූප චලනය වෙනවා බැලුව ... මේකත් අන්න ඒ වගේ තමයි ගේම් එකක් අපිට එක දිගට චලනය වෙන වීඩියෝ එකක් වගේ පෙනුනට එතන වෙන්නෙත් ෆ්රේම් වශයෙන් වේගයෙන් චලනය වීමක් ඉතින් මේ FPS අගය 30 ටවත් වඩා වැඩියෙන් තියන එක තමා හොඳ 60ට විතර තියනවනම් smooth game play අත්දැකීමක් ලබන්න පුළුවන් FPS අඩු උනාම තමයි අපිට ගේම් එක කැඩි කැඩී යනවා වගේ ඇදි ඇදී යනවා වගේ දැනෙන්නේ ,
අපිට SSD එකක් ගන්න පුලුවන්න්නම් ... අපිට පුළුවන් අපේ OS එක සහ අපි ගේම් එක SSD එකේ install කරගන්න SSD එකේ තියන වේගවත් දත්ත හුවමාරු හැකියාව නිසා RAM එකට අවශ්ය දත්ත වේගයෙන් සපයන්න පුළුවන් වෙනවා .. එතකොට HDD එකක install කරපු OS එකක වැඩකරන ගේම් එකකට වඩා වැඩි FPS එකක් ලබාගන්න පුළුවන් වෙනවා ... SSD වල තාක්ෂණික තොරතුරු මම නුදුරු අනාගතයේදී අරන් එන්නම්

Comments
Post a Comment