Nvidia Graphic Card මූලික දේවල්

ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියන Graphic Card ගැන පොඩ්ඩක් කතාකරන්න හිතුන... කලින්ම කියන්න ඕනෙ.. මේක හදල තියෙන්නෙ මූලිකම දේවල් ටික තෙරුම් කරල දෙන්න විතරයි... මොකද හැමෝම හැමදේමදන්නෙ නෑනෙ ... ලොකු ලොකු දේවල් අපි පස්සෙ කතාකරමු.. මම මේක දිගටම අරන් යනව... එතකල් මේටික ඔලුවට දාගන්නකො... මේකෙ NVIDIA ගැන විතරයි කතාකරන්නෙ 
මුලින්ම Graphic Card ප්‍රධාන වර්ග 2ක් තියනව.. 
AMD
NVIDIA 

මේ දෙවර්ගෙම... Graphic Card ප්‍රදාන වර්ග 3ක් තියනව.. ඒ motherboard එකේ Graphic Card  එක ගහන slot එක අනුව 
PCI
AGP
PCI EXPRESS

නමුත් දැන්  PCI සහ  AGP  පාවිච්චි වෙන්නෙ නෑ... 

දැන් use වෙන්නෙ PCI EXPRESS Graphic Cards  
NVIDIA Company එකේ Pci express card ගත්තම මේවත් performance අනුව කාන්ඩ කිහිපයකට බෙදෙනව... GS ... GT... GTS... GTX.. කියල (මීට අමතරව ගොඩක් ඉස්සර Geforce 256 , FX වගේ ඒවත් තිබුනා නමුත් ඒ කාඩ් දැන් භාවිතයේ නැති නිසා ඒ ගැන මම කතා කරන්නේ නෑ  ) මේවගෙන් GS .. GT .. card සාමාන්‍ය එදිනෙදා වැඩ වලට පාවිච්චි වෙන computer වලට තමා හොඳ .. ඒ කියන්නෙ සාමාන්‍ය video output එකක් විදිහට.. මේකෙ ලොකු ලොකු graphic සම්බන්ද වැඩ කරන්න බෑ.. GTS card එකත් වැටෙන්නෙ GT .. GS.. ගොඩටම තමා.. GTS card එකේ විශේෂත්වය තමා ඒක හදල තියෙන්නෙ අඩු power consumption එකක් ඉලක්ක කරගෙන.. ඒ කියන්නෙ gts වල ශක්ති පරිබෝජනය අඩුයි.. ඒත් ඒකෙනුත් ලොකු වැඩක් ගන්න බෑ .... හැබැයි මෙහෙමයි.. ඔය Graphic Card  release කරපු කාලෙ තිබුනු game ඔය card වල වැඩකරනව... හැබැයි වර්තමානයේ නම් ... ලොකු games ගහන්නෙ නැති... graphic design කරන්නෙ නැති.... video editing කරන්නෙ නැති අයට හොඳම card තමා GT ... GTS..
NVIDIA එකෙන් release කරපු ඔක්කොම card ප්‍රදාන කාන්ඩ 13 ක් තියනව නැත්තම් Series 13ක් ; ඒව තමයි 6,7, 8, 9, 100, 200, 300, 400, 500, 600, 700, 900, 10, 16, Volta, 20  කියල.. 
මේ Series  කතාව තේරෙන්නෙ නෑ නේද? හරි..
6 Series එක Geforce 6100 සිට 6800 Ultra Extreme වෙනකල්
Series එක Geforce  7025 සිට 7950 GX2 වෙනකල්
Series එක 8100 ඉදන් 8800 ultra වෙනකල්
Series එක 9100 සිට 9800 GX2 දක්වා
100 
Series එක G 100 සිට GTS 150 දක්වා 
200 Series එක Geforce 200 සිට GTX 295 දක්වා
300 Series එක Geforce 310 සිට GT 340 දක්වා
400 කාන්ඩය ගත්තම Geforce 405 ඉදන් GTX 480 වෙනකල්
500 
Series එක Geforce 510 සිට GTX 590 තෙක්
600 Series එක Geforce 605 සිට GTX 690 තෙක්
700 Series එක GT 705 සිට GTX 780 Ti සහ GTX TITAN , TITAN BLACK , TITAN  Z දක්වා
 
800 කියල Series එකක් ආවෙ නෑ 😱 
900 Series  එක GT 945 A සිට GTX 980 Ti සහ GTX TITAN X දක්වා 
10 Series එක GT 1030 සිට 1080Ti සහ TITAN Xp දක්වා 
Volta Series එකට TITAN V 
16 
Series එක 1650, 1660 සහ 1660 Ti
20 
Series එකට RTX 2060 සිට RTX 2080 Ti සහ  TITAN RTX 

####### 
Graphic Card  එකක් ගහද්දි බලන්න ඕනෙ ඔයා මේ Graphic Card  එක ගහන්න බලාපොරොත්තු වෙන pc එක මොකද්ද.. ඒකෙ performance කොහොමද කියල... මොකද.. අපි උදාහරණයක් ගත්තොත් .. ඔයා gtx 970 ... gtx 770.. වගේ card එකක් අරගෙන ඒක Core2 Dou ... computer එකකට ගැහුවොත් ඒක තේරුමක් නැති වැඩක්... මොකද vga card එකට ඕන කරන performance core2 dou PC එකෙන් හම්බෙන්නෙ නෑ... 
ඒනිසා ලොකු vga එකක්.. ගහන්න ඔයා බලාපොරොත්තු වෙනවනම් ... ඔයාගෙ pc එකත් ඒ vga එකට හරියන විදිහට හොඳ තත්වෙක තියෙන්නම ඕනෙ.... 

Comments

Popular posts from this blog

Air Cooling System සහ Liquid cooling System ගැන හැමදෙයක්ම

ප්‍රොසෙසර් ජෙනරේෂන් සහ මොඩල්

Graphic Card ඕවර් ක්ලොක් (overclock ) කරනහැටි